Épisodes

  • 5. මතෙව් 6 : 30 - 34
    Dec 21 2020
    මතෙව් 6 : 30 - 34 30 මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද? 31 එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙල්ලා. 32 මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක. 33 නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය. 34 එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙල්ලා. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි. Sinhala and Tamil Bible http://tiny.cc/biblelkios http://tiny.cc/biblelkandroid
    Afficher plus Afficher moins
    1 min
  • 4. ගීතාවලිය 133
    Dec 14 2020
    ගීතාවලිය 133 1 බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද! 2 එය හිස පිට වත්කළාවූ, රැවුල දිගේ, එනම් ආරොන්ගේ රැවුල දිගේ, ඔහුගේ වස්ත්‍රවල වාටිය දක්වා බැස්සාවූ අනර්ඝ තෛලය හා සමානය; 3 සියොන් කඳු පිටට බසින්නාවූ ෙහර්මොන්හි පිනි හා සමානය. මක්නිසාද ස්වාමීන්වහන්සේ එහිදී ආශිර්වාදය, එනම් සදාකාල ජීවනය, නියමකළසේක. Sinhala and Tamil Bible http://tiny.cc/biblelkios http://tiny.cc/biblelkandroid
    Afficher plus Afficher moins
    1 min
  • 3. ගීතාවලිය 1
    Dec 7 2020
    ගීතාවලිය 1 1 දුෂ්ටයන්ගේ මන්ත්‍රණය අනුව නොයන්නාවූ, පව්කාරයන්ගේ මාර්ගයෙහි නොසිටින්නාවූ, නින්දාකරන්නන්ගේ ආසනයෙහි නොහිඳින්නාවූ, 2 ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය. 3 ඔහු දිය ඇළවල් ළඟ හිඳුවූ, නියම කලට ඵල දෙන, නොමැලෙවන කොළ ඇති ගසක් හා සමාන වන්නේය; ඔහු කරන සියල්ල සඵලවෙයි. 4 දුෂ්ටයෝ එසේ නොව, සුළඟින් විසිර යන බොල් හා සමානය. 5 එබැවින් දුෂ්ටයෝ විනිශ්චයෙහිද පව්කාරයෝ ධර්මිෂ්ඨයන්ගේ සමාගමෙහිද නොසිටින්නෝය. 6 මක්නිසාද ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨයන්ගේ මාර්ගය දන්නාසේක. නුමුත් දුෂ්ටයන්ගේ මාර්ගය විනාශ වන්නේය. Sinhala and Tamil Bible http://tiny.cc/biblelkios http://tiny.cc/biblelkandroid
    Afficher plus Afficher moins
    1 min
  • 2. ගීතාවලිය 121
    Nov 30 2020
    ගීතාවලිය 121 1 කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද? 2 මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන් මය. 3 උන්වහන්සේ නුඹේ පය සෙලවෙන්ට නොදෙනසේක. නුඹ ආරක්ෂාකරන තැනන්වහන්සේ නොනිදනසේක. 4 බලව, ඉශ්‍රායෙල් ආරක්ෂාකරන තැනන්වහන්සේට නිදිබරවීමක්වත් නිදාගැනීමක්වත් නැත්තේය. 5 ස්වාමීන්වහන්සේ නුඹ ආරක්ෂා කරන තැනන්වහන්සේය. ස්වාමීන්වහන්සේ දකුණතින් නුඹට සෙවණය. 6 දවාලේ ඉරවත් රාත්‍රියේ සඳවත් නුඹට පහර නොදෙන්නේය. 7 ස්වාමීන්වහන්සේ සියලු නපුරෙන් නුඹ ආරක්ෂාකරනසේක. නුඹේ ප්‍රාණය ආරක්ෂාකරනසේක. 8 දැන් පටන් සදාකාලේටම ස්වාමීන්වහන්සේ නුඹේ යාම ඊම ආරක්ෂාකරනසේක. Sinhala and Tamil Bible http://tiny.cc/biblelkios http://tiny.cc/biblelkandroid
    Afficher plus Afficher moins
    2 min
  • 1. ගීතාවලිය 23
    Oct 31 2020
    ගීතාවලිය 23 : 1 - 6 1 ස්වාමීන්වහන්සේ මාගේ එඬේරාය; මට හිඟයක් නොවන්නේය. 2 උන්වහන්සේ නිල් ගොදුරු බිම්වල මා ලගින්ට සලස්වනසේක. නිශ්චලවූ දිය අසලින් මා ගෙනයනසේක. 3 උන්වහන්සේ මාගේ ආත්මය ප්‍රාණවත්කරනසේක; ස්වකීය නාමය නිසා ධර්මිෂ්ඨකමේ මාවත්වල මා ගෙනයනසේක. 4 එසේය, මරණ සෙවණේ මිටියාවත මැදින් යන්නෙම් නමුත්, කිසි උපද්‍රවයකට භය නොවන්නෙමි; මක්නිසාද ඔබ මා සමගය. ඔබගේ දණ්ඩෙන් හා සැරයටියෙන් මට සැනසිල්ල ලැබේ. 5 මාගේ සතුරන් ඉදිරියෙහි ඔබ මට කෑම මේසයක් පිළියෙළකරනසේක. මාගේ හිස තෙලින් ආලේපකළසේක; මාගේ කුසලාන උතුරායයි. 6 සැබවින් යහපත්කමත් කරුණාවත් මාගේ ජීවිතයේ සියලු දවස්වල මා අනුව එන්නේය. මම සදාකල්ම ස්වාමීන්ගේ ගෘහයෙහි වාසයකරන්නෙමි. Sinhala and Tamil Bible http://tiny.cc/biblelkios http://tiny.cc/biblelkandroid
    Afficher plus Afficher moins
    1 min